
දරුවන් පස් දෙනකු මොලොවට බිහිකළ මවකගේ මළ සිරුරු බාර ගැනීමට කිසිදු දරුවකු ඉදිපත් නොවීම හේතුවෙන් හොරොව්පතාන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකර ඇයගේ මෘත දේහය හොරොම්පොතාන පොදු සුසාන භූමියේදී මිහිදන් කිර්මට පියවර ගත්තේය.
මියගිය මෙම මව හොරොව් පොතාන රජයේ රෝහලට මාස ගණනකට පෙර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි අතර දරුවන් පස් දෙනකු සිටියත් ඇය බැලීමට කිසිවකු පැමිණ නැතැයි කියයි. අවසානයේ ඇය කාත් කවුරුවත් නොමැතිව රෝහල තුළම අවසන් සුසුම් හෙළුවාය.හොරොව් පොතාන ලේවාසපිරිවැව ගමේ පදිංචිවී සිටි මෙම මව් මියගිය බවට දරුවන් දැනුවත් කළද පැමිණියේ එක දරුවකු වන අතර ඔහුද මව හඳුනාගෙන සුළු වේලාවකින් පිටව ගියත් නැවත නොපැමිණියේය.රෝහල්ගත වූ දින සිටම රෝහල් කාර්ය මලයේ, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලයද මෙම මවට ඉතා ආදරයෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථාන කළ අතර රෝගී තත්ත්වයෙන් මියයන තෙක්ම ඔවුන්ගේ නොමද ආදරය ලැබීමට තරම් භාග්‍යවන්ත වූවාය.
සිය කුසින් බිහිකළ දරුවන් පස් දෙනකුම අහක බැලුවත් රෝහල් කාර්ය මණ්ඩලය එම මව වෙනුවෙන් රෝහලේ මෘත ශරීරාගාරය තුළම පැත් වඩා පාංශුකූලය දී සියලු ආගමික වතාවත් සිදුකළේය. ආගමික වතාවත් උතුරු මධ්‍යම හුරුළු දිසාවේ ප්‍රධාන සංඝනායක අලුවිහාරේ විමලරතන නාහිමියන් සහ වැලිමුවපොතානේ පියතරන හිමිවරු විසින් සිදුකරනු ලැබූ අතර මේ අවස්ථාවට හොරොව් පොතාන සහකාර ප්‍රාදේශීය ලේකම් ජයසිංහ ඉරුගල්බණ්ඩාර, වසම බාර ග්‍රාම නිලධාරි රුවන් අබේරත්න මහතා මෙන්ම මෙම මව ජීවත් වූ වසමේ ග්‍රාම නිලධාරි වසමේ සුමිත්‍රා ජයලත් යන මහත්ම මහත්මින් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහුද සහභාගි වූහ. හොරොව් පොතාන ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව එහි බැකෝ යන්ත්‍ර යොදාගෙන හොරොව්පොතාන සුසාන භූමියේදි දෙවැනිදා භූමිදානය කෙරිණි.
(දයාරත්න ඇඩෝගම)
Comments
Post a Comment
Your comment will be visible after approval