
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති, ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණය වීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.රජයේ රෝහල් විසින් හදිසියේ කරනු ලබන මිලදී ගැනීම්වලින් සියයට 40ක ප්‍රමාණයක මෙරට ලියාපදිංචි වී නැති ඖෂධ දක්නට ඇති බව රෝහල් අධ්‍යක්ෂවරු පිරිසක් පැවැසූහ.
රෝහල් අධ්‍යක්ෂවරුන් බොහෝ අය ඖෂධ සමාලෝචන රැස්වීමේදී ද මෙම කරුණු සෞඛ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.ඖෂධ නියාමත අධිකාරියේ නිසි ලෙස නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබා දීමට ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා අත්තනෝමතික ලෙස මිල නියාමනය කිරීම මෙම තත්වයට හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඖෂධ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස පවතින රටවල ඖෂධ මිල නියාමනය කිරීම සඳහා වෙතම ස්වාධීන ආයතනයක් සහ ඖෂධවල ගුණාත්මකභාවය නියාමනය කිරීම වෙන් වෙන්ව බොහෝ ආයතන සඳහා පවතින බව පෙන්වා දෙන රෝහල් අධිකාරීහු, මෙරට ඖෂධ නියාමන අධිකාරි පනතෙන් ද එම කටයුතු කිරිම සඳහා බලතල ඇති බව පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, මෙවැනි තත්වයක් පවතින බවයි.එසේම, අද ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන් හැසිරෙන්නේ පෞපෞද්ගලික බූදලයක් අතට ගත් පිරිසක් සේ බවත් ඔහු කීවේය.ඖෂධ සමාගම්වලින් විශාල වශයෙන් මුදල් අය කළ ද, මුදලට සරිලන සේවාවක් ඉන් නොසැපැයෙන බව ද බෙල්ලන මහතා පැවැසීය.
(සුජිත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval