ranil-bar-permit-list

 පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක මහතා විසින් ඊයේ (4) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට අනුව, මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තාවක සඳහන් වන පරිදි,2024  ජනවාරි මාසයෙන් පසු ඡන්ද කාලසීමාව තුළ රනිල් වික්‍රමසිංහ රජය විවිධ තරාතිරම්වල පුද්ගලයින් හා දේශපාලකයින් වෙත මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර තිබේ.

මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා විශේෂ චෝදනාවක් ද ඉදිරිපත් කළේය. හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂ මාරු කිරීම් සඳහා අල්ලසක් ලෙස මෙම බලපත්‍ර භාවිත කර ඇති බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය.

පළාත් අනුව බලපත්‍ර බෙදී ගොස් ඇති ආකාරය පහත පරිදි වේ:
* බස්නාහිර පළාත - බලපත්‍ර 110
* දකුණු පළාත - බලපත්‍ර 48
* උතුරු මැද පළාත - බලපත්‍ර 32
* නැගෙනහිර පළාත - බලපත්‍ර 22
* මධ්‍යම පළාත - බලපත්‍ර 45
* උතුරු පළාත - බලපත්‍ර 14
* වයඹ පළාත - බලපත්‍ර 30
* ඌව පළාත - බලපත්‍ර 30
* සබරගමුව පළාත - බලපත්‍ර 30

එෆ්.එල් 4 වර්ගයේ සාමාන්‍ය මත්පැන් අලෙවිසැල් (වයින් ස්ටෝර්ස්) සඳහා බලපත්‍ර 172ක් නිකුත් කර ඇති අතර, ඒවා දිස්ත්‍රික්ක අනුව වෙන් කර ඇත්තේ කොළඹට 22ක්, ගම්පහට 18ක්, කළුතරට 8ක්, ගාල්ලට 9ක්, මාතරට 5ක්, හම්බන්තොටට 5ක්, යාපනයට 5ක්, කිලිනොච්චියට 16ක්, මන්නාරමට 2ක්, වවුනියාවට 2ක්, ත්‍රිකුණාමලයට 4ක්, මඩකළපුවට 1ක්, අම්පාරට 5ක්, මහනුවරට 11ක්, මාතලේට 6ක්, නුවරඑළියට 8ක්, අනුරාධපුරයට 4ක්, පොළොන්නරුවට 3ක්, පුත්තලමට 6ක්, කුරුණෑගලට 8ක්, බදුල්ලට 9ක්, මොනරාගලට 7ක්, රත්නපුරයට 6ක් සහ කෑගල්ලට 2ක් වශයෙනි.

බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වයන් පවා වෙනස් වී ඇත.

එලෙස පර්මිට් ලබාගත් අයගේ ලැයිස්තුව පහතින්