
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී රවී කරුණානයක මහතා
ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ප්‍රකාශ කර තිබෙයි.
මේ හේතුවෙන් එම සාකච්ඡාවේදී අදාළ සිද්ධිය සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර ඇති අතර
නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ, ආචාර්ය විතානගේ යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින් වශයෙන් නම් කර ඇත.
එහිදී කමිටු ලේකම් ලෙස නීතිඥ යසස් ද සිල්වා මහතා පත් කර තිබෙන අතර පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය කර ඇත පසුව අදාළ වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට නියම කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් සන්ධාන ගතවී නීතිමය ගිවිසුමකට බැඳී මෙවර මැතිවරණයට තරග කළ නමුත් සාමූහික එකඟතාවයක් ලබාගන්නට පෙර ඉක්මණ්වී ලේකම්වරියක ලවා ලිපි ගස්සවාගෙන මන්ත්‍රීධූරයක් ලබාගන්නට අත්තනෝමතික ආකාරයට රවී කරුණානායක කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙයි.
කමිටුව මගින් සිදුකරන විමර්ශනයෙන් පසුව
මෙම කමිටුව රවීගේ ක්‍රියාව වරදක් ලෙස පිළිගතහොත් සති කිහිපයක් තුළ රවී කරුණානායක පක්ෂයෙන් නෙරපීමට හා මන්ත්‍රී ධූරවලින් නීතිමය ලෙස ඉවත් කිරීමට අවශ්‍ය විධිවිධාන ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval