
උතුරු කළුතර ගාලු පාරේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයකට පෙරේදා (13 වැනිදා) සවස 4.45 ට පමණ පැමිණි නාඳුනන පුද්ගලයෙකු ආයතනයේ හිමිකාරියට උල් පිහියක් පෙන්වා රුපියල් 23200/ ක් සහිත මුදල් පසුම්බිය කොල්ල කා පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වත්තල එඬේරමුල්ලේ පදිංචි සුරියකාන්ති ධර්මසිරි (අවු .47) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ .
තමා ස්වාමි පුරුෂයා සමග වසර 12 ක පමණ කාලයක සිට මෙම ව්‍යාපාරික ආයතනය පවත්වාගෙන යන බව ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .
උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් කේ ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
(ලක්ඛිත විද්‍යාසේකර කළුතර)
Comments
Post a Comment
Your comment will be visible after approval