
කාලගුණික අනාවැකි පළ කිරීමේදී මෙරටට විශාල අඩුවක්ව පැවති කෙටිකාලීන වර්ෂා අනාවැකි පළ කළ හැකි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රයක් එළැඹෙන දෙසැම්බර් මාසයේදී ලැබීමට නියමිත බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය.
ඒ අනුව මෙම ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රය ජපානයේ ආධාර මත හිමිවන බවත් එය පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත කර එහි සිවිල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.මෙම යන්ත්‍රය හරහා මධ්‍යම කඳුකරයේ ඊසාන දිසාව ආවරණය කිරීම හැකියාව පවතියි.
එමෙන්ම මෙම යන්ත්‍රයට අමතරව පොතුවිල් ප්‍රදේශයේ ද ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සවි කිරීමේ අශ්‍යතාවය පැවතියද ප්‍රතිපාදන නොමැතිකමින් එය සිදුනොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙවැනි ‘ඩොප්ලර් රේඩාර්’ මගින් කෙටි කාලයකදී අධික වැසිපතනයක් ලැබේ නම් ඒ පිළිබඳ අනාවැකි පළ කළ හැකි අතර මෙරට සමස්ත භූමි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා එවැනි රේඩාර් පද්ධති දෙකක අවශ්‍යතාවය පවතියි.
(නිර්මාණි තිලකසිරි)
Comments
Post a Comment
Your comment will be visible after approval