
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජංගම සංචාර රාජකාරියේ යෙදමින් නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් ඉවත් කරමින් සිටි පූනෑව පොලිසියේ කණ්ඩායමකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් දෙදෙනකු රෝහල්ගත කර ඇත.
පූනෑව පොලිසියට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක භටයන් වන ගුණපාල (014319) හා තිලකසිරි (15781) යන දෙදෙනා මෙසේ රෝහල්ගත කර ඇත.
පූනෑව, නාගදරනෑව මාර්ගයේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති දෙදෙනා ප්‍රතිකාර සඳහා මැදවච්චිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
(තුෂාර සම්පත් ජයරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval