
පානදුර රස්කින්දූව ප්‍රදේශයේ ජනතාවට පීඩාකාරී අන්දමින් උපන් දින සාදයක් පවත්වාගෙන ගිය නවාතැන්පොළක් වටලා තරුණියක සහ තරුණයන් 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
අවට ජනතාවට පීඩාකාරී අන්දමින් ඩීජේ සංගීතයක් භාවිත කරමින් සාදයක් පවත්වන බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාට ලද තොරතුරක් මත නවාතැන්පොළ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් 19 දෙනකු සන්තකයේ ඈස් නැමැති මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් බැගින් තිබූ බවත් පොලිසිය කීය.අරක්කැමි සහ ඩීජේ සංගීත හිමිකරු සාදයට සහයවීම සම්බන්ධයෙන් තරුණිය ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇති බවත්, මව්පියන් කැඳවා ඇය බාරදෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. අනෙක් සැකකරුවෝ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
(සුමිත් පොතුපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval