ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන පරිදි, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
බත්තරමුල්ල පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කාරියවසම් මහතා, නව රජය බලයට පත්ව දින 34කට පසු පැවති මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල වැදගත් තීරණාත්මක මොහොතක් ලෙස හඳුන්වා දුන්නේය.
ඔහු විශේෂයෙන් අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමේ පිරිහී ඇති බව හා පොදුජන පෙරමුණේ ඡන්ද වර්ධනයවී ඇති බවකි.
මෙය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැදගත් පෙරනිමිත්තක් බවද ඔහු ඒ සමග පැවසීය.
කාරියවසම් මහතා වර්තමාන ආණ්ඩුව විවේචනය කරමින්, ජනතාව නොමග යවමින් බලය ලබාගත් බවත්, පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් සිහිපත් කළේය.
තවද, වර්තමාන රජය විසින් ණය නොගන්නා බවට දුන් පොරොන්දු කඩ කරමින්, විවිධ ණය ගැනීම් සිදු කරන බවත්, ජනතාවට සහන ලබාදීම වෙනුවට දේශපාලන සංදර්ශන පමණක් පවත්වන බවත් ඔහු චෝදනා කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval