
රටක් පාලනය කරන විට දේශපාලන පක්ෂ අතර සහෝදරත්වය හා සමඟිය උපරිමයෙන් තබාගෙන රට පාලනය කරන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
පොල් හිඟය මෙන්ම ජනාධිපති අගමැති අතර ගැටුමක් පවතින බවට ප්‍රචාරය වන අසත්‍ය පුවත්වලට ප්‍රතිචාර දක්වමින් ඊයේ (27) කළුතර මහජන රැළියේදී ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.
"බොරු කියල කියල බොරුවෙන් ජීවත් වෙච්ච උන්ට බොරුම තමයි ඕනේ. දැන් මේ දවස්වල හදිස්සියේ පොල් හිඟයක් ඇවිල්ලලු. නිකන් අපි පොල් හිඟයක් හැදුවා වගේ," යැයි සඳහන් කළ ඒ මහතා, පසුගිය රජය සමයේ පොල් වගාව නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පෙන්වා දුන්නේය.
තවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කිරීම සම්බන්ධයෙන් හරිනි අමරසූරිය මහත්මිය සහ අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් ඇති බවට පැතිර යන ප්‍රවෘත්ති ටිල්වින් සිල්වා මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.
"අපිට විරුද්ධ අය හීනයක් දකිනවා NPP එකයි JVP එකයි අතර ගැටුමක් තියෙනවා කියන්න.
කාලයක් කිව්වා හරිනි සහෝදරියයි මායි අතර ගැටුමක් තියෙනවා කියල. අපි යසට වැඩේ කරගෙන යනවා ටොප් එකට," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රට පාලනය කිරීමේදී දේශපාලන පක්ෂ අතර සහෝදරත්වය සහ සමඟිය උපරිමයෙන් පවත්වාගෙන යාමේ හැකියාව ජාතික ජන බලවේගය සතු බව ඔප්පු කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval