ranil-anura

පසුගිය සතිඅන්තයේ පැවති දේශපාලන රැස්වීම් අතරතුර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හා වත්මන් ජනපති අනුරකුමාර දිසානායක එක් කාරණාවක් සම්බන්ධයෙන් ස්ථාන දෙකකදී දැක්වූ අදහස් පහත පරිදිය.

රනිල්ගේ කතාව


අනුර දිසානායක ජනාධිපති තුමා  ඔය දාලා තියෙන ලැයිස්තු ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක් යන්න පුළුවන්ද කියල මං දන්නෙ නැහැ.

පලපුරුදු අය ඉන්න ඕන රට වෙනුවෙන් අපි කියන්නෙ පළපුරුදු අපේ අය දාන්න කියලා බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තු රට ගෙනියන්න මට අවුරුදු තුනක් හරියන්න පුළුවන්.

අපේ බහුතරයක් හිටියොත් විතරයි නැත්නම් පොල් පෝලින්  හැම තැනම පෝලින් තියේ.

 මට කියනවා  පැරදුණා නම් ගෙදෙට්ට වෙලා ඉන්න කියලා පැරදුනා  මම පිළිගන්නවා. ජනාධිපතිවරණය ආවා මං ඡන්දෙ ඉල්ලුවා බහුතරයක් මට ඡන්දෙ දුන්නෙ නෑ. ඉතිං මම පැරදිලා එත් බහුතරයක් එතුමාටත් දුන් නෑනෙ සියට පනස් එකක් හම්බුනේ නෑනෙ. මොකද එතුමාගේ මගේ වෙනස මං බහුතරයක් නැති හිටපු ජනාධිපති එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති.
එතුමටත් නෑ. මටත් නෑ.
 එතුමා කියනවා මං දැන් කොනිත්තනවා කියලා අයියෝ මං කොහොමද කොනිත්තන්නෙ.



 
 
 අනුරගේ කතාව
 
අද හිටපු ජනාධිපතිතුමා මීගමුවට ගිහිල්ලා කියනවා පුරුදු කෙනෙක් එවන්න ලු මීගමුවේ දන්නවනේ පුරුදු කෙනා එවන්ඩ ලු ඔව් ඒගොල්ලන්ට පුරුදුයි මොනවද පුරුදු දැන් බලන්නකෝ මේ දවස්වල අහුවෙනවා වාහන ලියාපදිංචි නොකරන ලද වාහන ඒක තියෙන වාහනේ වටිනාකම පිළිබඳ ප්රශ්නයක් නෙවෙයි මේ පාලකයන් නීතිය ගැන සැලකිල්ලට භාජනය කරන්නේ කොහොමද කියන ප්රශ්නෙ තේරෙනවා දැන් මෙතන ඉන්න කවුරුහරි පුරවැසියෙක් වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව පාරට දානවද? නෑ  තමන් දුවන වාහන අංක තහඩුව වැටුනත් බයෙන් යන්නෙ. පුරවැසියන් නීතියට බයයි. පුරවැසියන් නීතියට ගරු කරනවා. දැන් පාලකයන්ගෙ ලියාපදිංචි නොකරන ලද වාහන හම්බවෙනවා.
වෙන වාහන වල අංක තහඩු දාලා දුවලා බලනකොට එංගලන්ත උස්සපු වාහන.
ඒ ගොල්ලො හිතනවා ඒගොල්ලෝ නීතියට බය නෑ කියලා හිතනවා.

එයා ඇමති  මන්ත්රී වාහන ලියාපදිංචි කරන්න ඕන නෑ කියල හිතලා.
 එයාට වාහන නීත්යානුකූලව වරායෙන් එළියට ගේන්න ඕනේ නැහැ. එයාට වාහන කපලා බට් කරලා දුවන්න පුළුවන් රෙජිස්ටර් කරන්නෙ නැතුව දුවන්න පුළුවන් දැන් කියනවා දන්නේ නැතුව කවුද ගෙදර දාල ගිහිල්ලලු.මොකද මේ වෙලා තියෙන්නේ මෙතන .වෙන මුකුත් නෙවේ  නීතියට බය නැති බව නීතියට උඩින් ඉඳලා පුරුදු අයට පාර්ලිමේන්තුවේ ගහගන්නත් පුරුදුයි.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පිහියක් අරගෙන එන එක පුරුදුයි මිරිස් කුඩු ගෙනල්ලා පුරුදුයි.
ගහගෙන පුරුදුයි. හොරකම් කරලා පුරුදුයි. අපරාධ කරලා පුරුදුයි.
එලෙස ඒගොල්ලො කියන්නෙ අන්න ඒ පුරුදු කට්ටිය ඒවන්න ලු. මොකද කියන්නෙ.
ඔව්. අපේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ලොකු පුරුද්දක් නෑ ඇත්ත. හැබැයි මතක තියාගන්න පාර්ලිමේන්තුව අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නෙවෙයි ඒ්කයි වැදගත්.