
පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබෙන අතර
සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවයි.
එමෙන්ම අද දිනයේ සුදු බිත්තරයක මිල සටහන්ව ඇත්තේ රුපියල් 35 ක් ලෙසයි.
බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ක්‍රියාත්මක විය.
Comments
Post a Comment
Your comment will be visible after approval