
ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙයි.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇත.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා ඔහුගේ වෛද්‍ය වෘත්තියට අමතරව ශිෂ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද ප්‍රකටව සිටියේය.
වෛද්‍ය නජිත් සිය පත්වීම ජනපති ලේකම් නන්දික සනත් කුමානායක අතින් ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval