
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා කැඳවනු ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තෝබර් 11වනදා දහවල් 12 වනතෙක් සිදු කිරීමට නියමිත අතර මහ මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියම කර තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්,
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතය.


Comments
Post a Comment
Your comment will be visible after approval