
මේ වනවිට විමර්ශනයක් සිදුකරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගත්තේය.
49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයා සිය පංතිවලදී අදාළ විභාග ප්‍රශ්න බෙදාහැර ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර ඔහු සොයමින් සිටියදී නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි බව වාර්තා විය.
පළමු ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම ඉකුත් දින කිහිපය පුරා මෙම සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබෙනඅතර ඔහු පසුව භාරවී අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගන්නා බවට පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙන අතර විභාගය නැවත පැවැත්වීමේ තීරණයක් තවම අමාත්‍යංශය ලබාගෙන නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval