
ව්‍යාපාරික නිවෙසක සේවයට පැමිණ එදිනම රුපියල් ලක්ෂ අසූ පහක රන්භාණ්ඩ සොරාගෙන පලාගොස් සිටි කාන්තාව හෙරොයින් සමග පෙරේදා (09) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාරියාංශය කියයි.ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතා
ඇතුළු නිලධාරී කණ්ඩායමක් කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා දූෂණ වැටලීමේ රාජකාරියේ යෙදී සිටි අතරතුරදී මෙම අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් කාන්තාව දෙමටගොඩ පදිංචි 40 හැවිරිදි වන අතර ඇය පුවත්පත් දැන්වීම් පළකරමින් ගෘහ සේවිකාවක වශයෙන් ඉල්ලුම් කරන කාන්තාවක බවට තොරතුරු හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.
සැකකාරිය දෙහිවල ලියනගේ පාර ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසක ගෘහ සේවිකාවක ලෙස සිටිමින් රුපියල් 8412000 ක් වටිනා රන්භාණ්ඩ සොරාගන ඇති බවට පැමිණිල්ලක් ලැබූ බව දෙහිවල පොලීසිය කියයි. සැකකාරිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී රන්භාණ්ඩ සහ විදෙස් මුදල් ද සොයාගත් ද බව පොලිසිය කියයි.
එච්.එම්.ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval