
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ඊයේ දක්වා ගීතා කුමාරසිංහ මහත්මිය දැරූ අතර ඇය සජබට සහය පළ කිරීමත් සමග ඉවත් කිරීමෙන් එම ධුරය පුරප්පාඩු විය.
සීතා කුමාරි අරඹේපොල මහත්මිය රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට පසුගියදා එක්වූ අයෙකි.
රනිල් ළග සිට සජිත් වෙත ගිය ගීතා මෙසේ කියා තිබුනි. "කාන්තාවට පහර ගසන, කාන්තාවගේ ශක්තිය අඳුනන්නේ නැති,
කාන්තාවට නිතරම කුහකකම් කරන මිනිස්සු එක්ක මොන දේශපාලනයක්ද කියලා මම ඔබතුමන්ලාගෙන් අහනවා.
අපි එකතුවෙද්දි අවංක නායකයෙක් මම හඳුනාගත්තා. සජිත් ප්‍රේමදාස මහතා මට පාර්ලිමේන්තුවේ කාන්තා කටයුතු ගැන ඇවිත් නිතරම කියනවා. එදයි මම පැහැදුණේ."
Comments
Post a Comment
Your comment will be visible after approval