
කටුනායක ගුවන් බඩු ගම්මානයේ තිබි කුරියර් සේවයක් හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබි කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 139 අත්ඩංගුවටගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබේ.
එම පාර්සලේ තිබූ විදුලි උපකරණයක සූක්ෂම ලෙස සඟවා තිබියදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සැකපිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු සහ භාණ්ඩ නිෂ්කාශන කල පුද්ගලයකු අත්තඩංගුවට ගෙන ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කොකෙක් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 75ක් බව පැවසීය.
අත්තඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval