
නමුත් දැන් වාර්තාවන්නේ ඊට වෙනස් කතාවකි.
කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියන මුල් වාර්තාවල කියැවුණත් පසුව ආ වාර්තාවලින් පවසන්නේ කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල තිදෙනාම බෙලරුස් හරහා රුසියාවට ගමන් කිරීමේදී අත්අඩංගුවට පත්වූ නමුත් ලොකු පැටී පමණක් ඉතිරිකර අනෙක් දෙන්නා පලාගිය බව හා ඔවුන් සමග සිටි අය නිදහස් කළ බවයි.
ප්‍රංශයේ සැගව සිටි බව කියන මේ තිදෙනා තවත් සහායකයින් තිදෙනෙකු සමග බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගන්නට හදද්දී පළාගොස් තිබුණ බව වාර්තාවේ.
නමුත් පසුව බෙලරුස් සිට ඔවුන් රුසියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
මෙම අත්අඩංගුවට ගැනීම ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් සිද්ධවූ දෙයක් නොවන අතර දේශසීමා උල්ලංඝනය හා වීසා වලට අදාළ ප්‍රශ්න මත සිද්ධවූවක් බවද තොරතුරු වාර්තාවේ.
කංජිපානි ඉම්රාන් , ලොකු පැටී සහ රොටුඹ අමිල ඇතුලු අපරාධකල්ලි සාමාජිකයන් 6 දෙනා මෙලෙස අල්ලාගන්නට හැකිවුණත් කංජිපානි සහ රොටුඹ අමිල එතැනින් පැන ගිය බවත් ඉතිරිවූ අය අතරින්
ලොකු පැටී රඳවාගෙන අනෙක් සියලු දෙනා පසුව මුදා හැර ඇති බවත් පොලිසිය වාර්තා කර තිබේ.
අල්ලාගත් ලොකු පැටී සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකරන්නේ කෙසේද යන්න තවම වාර්තා නොවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval