
මුම්බායි නගරයේ රෝහලක දී බොලිවුඩයේ -රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඇසෙහි සිදු කළ ශල්‍යකර්මයක් වැරදී ඇති බවත් ඉන් ඇසට සිදුවූ හානියට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාව බලා වහා පිටත්ව යන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.ඇමෙරිකාවට යෑමට ගත් තීරණයට පෙර හයිද්‍රබාද් නගරයේ දී ඉන්දියාවේ සිටින හොඳම අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් මුණ ගැසී ඇති බව ද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ෂාරුක් ඛාන් පසුගිය 29 වැනිදා ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා මුම්බායි නගරයේ රෝහලක් වෙත ඇතුළත් වී ඇති බවත් ශල්‍යකර්මය බලාපොරොත්තු වූ අයුරින් සිදුව නොමැති බවත්ය.එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය 29 වැනිදා ෂාරුක් ඛාන් මුම්බායි නගරයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට බඳුන් වූ බවත් දෙවැනි ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා වහාම ඇමෙරිකාව බලා පිටත් වූ බවත්ය.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සියල්ල පොදුවේ ෂාරුක් ඛාන් ශල්‍යකර්මයකට බඳුන් වූ බවත් එම ශල්‍යකර්මය බලාපොරොත්තු වූ අයුරින් සිදු නොවූ බවත් වාර්තා කර තිබිණි. එහෙත් ඔහු බඳුන් වූ ශල්‍යකර්මය හෝ එම ශල්‍යකර්මයේ දී සිදුවූ වැරැදීම පිළිබඳ ෂාරුක් ඛාන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු හෝ කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි.
විමුක්ති එස්. රුද්‍රිගු
Comments
Post a Comment
Your comment will be visible after approval