
අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇත.
මන්නාරමේ ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැණුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදීසී කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් ආරම්භ කළ බවය.
ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුණුම් පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීසියකින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval