
ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අභාවයට ශෝකය පළ කරමින් ඔහුගේ උපන් ගම වන නුවරඑළිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ ස්ථාන කිහිපයක මහජනතාවගේ ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩ ප්‍රදර්ශනය කර තිබේ.
ප්‍රදේශයේ ප්‍රභූවරුන්ට සහ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා පමණක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමට නුවරඑළිය මහ නගර සභාව අවසර ලබා දී තිබෙන අතර ඒ අනුව මෙම සැඑරසිලි කර ඇතැයි පැවසේ.
සුරේන්ද්‍ර වසන්ත නුවරඑළිය අප ස්වාමිඳුගේ ප්‍රාථමික පාසලේ හා ගාමිණී ජාතික පසලේ ආදි සිසුවෙකි.
නුවරඑළියේ මහජනතාව ව්‍යාපාරිකයන් ඇතුළු සියලු පාර්ශවයන් මෙම මරණය ගැන කම්පනයට පත්ව තිබේ.
ඔහුගේ අවසන් කටයුතු හෙට සිදුකරන්නට නියමිතය.

Comments
Post a Comment
Your comment will be visible after approval