rajarata-university-issue

ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති පත් කිරීමේ ඡන්ද විමසීමේදී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය නීති විරෝධීව සිය ඡන්දය ප්‍රකාශ කර විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කරමින් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට පීඨාධිපතිවරයෙකු අනීතිකව තෝරා ගත් බවට චෝදනා කරමින් මහචාර්යවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවය ඇතුළු වගඋත්තරකරුවන් 23 දෙනෙකුට ලබන අගෝස්තු මස 27 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.මෙම මූලික අයිතිවාසික්මි පෙත්සමට අදාළ උත්තර සති හතරක් ඇතුළත ගොනු කරන ලෙසට වගඋත්තකරුවන්ට තවදුරටත් නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ගේ විරෝධතාවලට අදාළ ප්‍රති විරෝධතා ඉන් දෙසතියක් ඇතුළත ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

ශේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයෙකු වන මංජුල මහින්ද රනගල මහතා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන,

කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලියන මහත්මා මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සෙලකා බැලීමෙන් අනතුරුවය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මගින් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් පෙත්සම්කාර මහචාර්ය මංජුල මහින්ද රනගල මහතා සඳහන් කළේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මාව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුර සඳහා තමා සහ තවත් මහචාර්යවරයෙකු අපේක්ෂකයන් ලෙස තරග කළ බවය.

ඒ සඳහා ඡන්ද විමසීමක් පැවති බවත්, එකී ඡන්ද ව්මසීම සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාහා මානව ශාස්ත්‍ර පීඨයේ අංශාධිපතිවරුන් සහ ස්ථිර කථිකාචාර්යවරුන් සහ බාහිර සාමාජිකයන් තිදෙනකු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළ පෙත්සම්කාර මහචාර්යවරයා අදාළ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට 59දෙනෙකු සුදුසුකම් ලබා සිටි බවත්, ඉන් දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවත්, එක් අයෙකු සිය ඡන්දය අවලංගු කළ බවත් සඳහන් කළේය.ඒ අනුව පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාව 56ක් බවද ස්වකීය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් පෙත්සම්කාර මහචාර්ය මංජුල මහින්ද රණගල මහතා එහිදී තමා සහ ප්‍රතිවාදි මහචාර්යවරයා ඡන්ද 28 බැගින් සමාන ඡන්ද ලබා ගත් බවද කීවේය.



ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ගත් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨත්වය සළකා අදාළ අපේක්ෂකයාට තමාගේ ඡන්දය ලබා දෙන බව පවසමින් පළමු වගඋත්තකාරිය වන රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවය සිය ඡන්දය මහචාර්ය සමත්ත ඒකනායක මහතාට ලබා දුන් බවට නිවේදනය කෙළ බවද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මහචාර්ය මංජුල මහින්ද රනගල මහතා ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ නව පීඨාධිපතිවරයා ලෙස මහචාර්ය සමන්ත ඒකනායක මහතා තෝරා පත් කර ගත් බව පළමු වගඋත්තරකාර උපකුලපතිවරිය විසින් තවදුටරත් නිවේදනය කළ බවද සැළ කර සිටියේය.

පීඨාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනකු එක හා සමාන ඡන්ද ලබා ගන්නා අවස්ථාවකදී තමාගේ ඡන්දය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම අපේක්ෂකයාට ලබා දෙන බවට ප්‍රකාශ කර සිය ඡන්දය ප්‍රකාශ කිර්මට විශ්වවිදල පනත ප්‍රකාරව උපකුලපතිවර්යට කිසිදු නීතිමය අයිතියක් නැති බවද,

ශ්‍රේෂ්ඨාධිකරණයට අවධාරණය කල පෙත්සම්කාර මහචාර්යවරයා මෙම අනීතික ක්‍රියාවෙන් රජරට විශ්වවිද්‍යාලයේ උපකුපතිවරිය විශ්වවිද්‍යාල පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවද සඳහන් කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්කරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහචාර්ය පී. එම්. බී. ජයන්ත, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහචාර්ය ජී. වී.ටී. වී. වීරසූරිය, තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය ටී. සී. බමුණුආරච්චි, වෛද්‍ය හා සමාන්තර පීඨයේ පීඨාධිපති ආචාර්ය පී. එච්. ජී. ජේ. පුෂ්පකුමාර, ව්‍යවාහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩබ්. එම්. එස්. ප්‍රනාන්දු, කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහචාර්ය ඊ .එම් .සමන්ත ඒකනායක, රජරට විශ්වවිද්‍යාලයේ වැඩ බලන ලේඛකාධිකාරී එස්. එච්. වයිස්වුකරනී , ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී සුදත් සංජීව යන මහත්මා මහත්මීන් සහ නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකි.

උපාලි ආනන්ද