
ගංවතුරින් නිවෙස් යටවීම හේතුවෙන් අසරණවූ පවුලක් නිවෙසට කැඳවාගෙන විත් නවාතැන්දී දින දෙකක් තුන් වේලම කන්න බොන්න දුන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනා මැණික් ගල් සොරා ගත්තේ යයි කියන නවාතැන්ගත් පවුලේ මව පියා සහ පුතා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.රත්නපුරට පසුගියදා ගංවතුර ගැලූ අවස්ථාවේදී අසරණ වූ රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිය ස්වාමියා පිරිමි ළමයි දෙදෙනා සහ අවුරුදු හතරක දැරියක මෙම මැණික් ව්‍යාපාරිකයා නිවෙසට කැඳවාගෙන විත් නවාතැන් දී දින දෙකක් තිස්සේ තුන් වේලම කන්න බොන්න දී ඇතැයි කියති.
ගංවතුර බැස ගිය පසු මෙම දරු පවුලම මැණික් ව්‍යාපාරිකයාට පින්දී නිවෙසින් පිටව ගොස් ඇති බවත් ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ යළිත් දිනක පැමිණ නිවෙසේ මිදුල ශුද්ධ පවිත්‍ර කර දෙන බවට ද පොරොන්දු වෙමින් බවත් පැවසේ.
පොරොන්දු වූ පරිදි එම අඹුසැමි යුවළ අවුරුදු දොළහක් වූ පිරිමි ළමයා සමග දින කිහිපයකට පසු නිවෙසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ දී ව්‍යාපාරිකයා නිවෙසේ සිට නැතැයි කියයි. නිවෙසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය පමණක් බව පොලිසිය පවසයි. පවුලේ පියා මිදුල පිරිසුදු කරද්දී ඔහුගේ බිරිය සහ පුතු නිවෙසට ඇතුළු වී නිවසේ බුදු මැදුරේ බෝතල් දෙකක සහ කුඩා කුප්පියක දමා තිබූ වටිනා මැණික් ගල් කැට රාශියක් වරින් වර අවස්ථා තුනක දී සොරකම් කර ඇතැයි පරීක්ෂණවල දී තොරතුරු අනාවරණය වී යැයි ද පොලිසිය කියයි.
ඔවුන් මැණික් ගල් සොරකම් කරන ආකාරය නිවෙසේ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී ඇති බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.මේ අනුව ව්‍යාපාරිකයා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර යුවළ සහ ඔහුගේ පුතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබූහ.සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මැණික් සොරකම් කළ බව පිළිගෙන ඇත.මේ අනුව ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් වලින් කොටසක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.එම යුවළේ පිරිමියා මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට විකුණා තිබිය දී එම ව්‍යාපාරිකයන් එම මැණික් කැට දෙක ස්වේච්ඡාවෙන්ම බාර දුන් බව පොලීසිය පවසයි. සැකකරුවෝ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
ලසන්ත නිරෝෂණ පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval