npp-jvp-police

 ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහභාගි වී ඇත.

මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවනාගාරයේ ඊයේ (9) පෙරවරුවේ පැවැති මෙම සමුළුවට සහභාගි වූ අනිකුත් පොලිස් නිලධාරීන් අතර විශේෂ කාර්ය බළකායේ හිටපු සහකාර පොලිස් අධිකාරීන්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ටී. කේ. මාකර්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ෂාන් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලවල සේවය කළ විශ්‍රාමලත් පොලිස් නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

එම සමුළුවට සභාගී වී සිටින විශ්‍රාමික ඉහළ පොලිස් නිලධාරීන් අතර අපරාධපාරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ මාර්ක්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි සෙනෙවිරත්න, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයතිලක, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක විපුල හෙට්ටිගේ මෙන්ම, විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන් ඩබ්ලිව්.ඩී ශ්‍යාමා කුමුදිනී වෙල්ගම ඇතුළු ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටී.



ඊට අමතරව සමුළුව ආරම්භ කරමින් පහන් දැල්වීමේ අවස්ථාවට, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එල් රණවීර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය කිංස්ලි වික්‍රමසූරිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී නවරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේගුණරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඕ.කේ හේමචන්ද්‍ර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇල්ෆ්‍රඩ් විජේමාන්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී කරුණාතිලක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුල්ෂාන් නාගහවත්ත, හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂමන් සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේ,


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නප්‍රිය, විශ්‍රාමික පොලිස් අධිකාරී එච්.යූ පියනන්ද, විශ්‍රාමික පොලිස් අධිකාරී ඊ.එච්.එස් කරුණාරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.කේ රණවීර, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බී.එස්.කේ ලංකේස්වර, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එස්බී මනම්පේරී, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර් රාජපක්ෂ, පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම් ධම්මික, විශ්‍රාමික පොලිස් පරීක්ෂක එන්.ජී අබේගුණවර්ධන, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක කේ.එම්.වයි අලහකෝන්, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි වීරසිංහ, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එස්.එච් නිහාල්, විශ්‍රාමික පොලිස් පරීක්ෂක ටී.එම් මාෂෝ, විශ්‍රාමික පොලිස් පරීක්ෂක වයි.ඒ.ඩී බණ්ඩාර, විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂක වී.පී.සී.එස්.එම් පතිරණ, විශ්‍රාමික පොලිස් සැරයන් කේ. සුනිල් ප්‍රේමසිරි, විශ්‍රාමික පොලිස් සැරයන් කේ.යූ.එල් ගැමුණු සිරි යන විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහභාගී වූහ.