girls-sold-house

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ ළමා රැදවුම් මධ්‍යස්ථානයක පාලිකාවක එහි රඳවා සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු විමර්ශන ඇරඹූ බව පොලිසිය කියයි.මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි දැරියක

ඉකුත් 8 වැනිදා රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනකුම සිටින අතර වින්දිත දැරියන් 30ක් පමණ එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද වාර්තා වේ.



එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින පාලිකාවක අවස්ථා කිහිපයක දී එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වින්දිත දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමින්ට මුදලට අලෙවි කර ඇති බවත්, එම රැඳවුම් මධ්‍යස්ථානයේදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබා දීමට ද මෙම පාලිකාව කටයුතු කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

අදාළ පාලිකාව එහි එක් දැරියක ඉකුත් අප්‍රේල් මාසයේදී යෙදී තිබූ අලුත් අවුරුදු සමයේ මෙලෙස පිරිමි 6 දෙනකුට මුදලට අලෙවි කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.පැමිණිලිකාර වින්දිත දැරියගේ ආරක්ෂාව සඳහා එම දැරිය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර අධීකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කිරීමට නියමිතව සිටින්නීය.
කුෂාන් ජයවර්ධන