rice-keeri-samba

කීරි සම්බා සහල් හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල 'කීරි සම්බා මාෆියාවක්' සේ ක්‍රියාත්මක වෙමින් කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-රු. 360 අතර මුදලකට අලෙවි කරමින් පවතින බව කළ සොයාබැලීමකදී හෙළිවිය. පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු මිල රුපියල් 260 කි.

මෝල් හිමියන් විසින් ඔවුන්ගේ ඇසුරුම්වල කීරි සම්බා සහල් කිලෝවක මිල රු. 260 ක් වන ලෙසට කිලෝ 05 හා 10 ඇසුරුම්වල සදහන් කර ඇතත් වෙළෙද සල් හිමියන් විසින් පාලන මිල ඉක්මවා සහල් අලෙව් කරනු ලබයි. මේ වන විට ඇතැම් ප්‍රදේශවල සහල් කිලෝ 05 ඇසුරුමක් රු. 1745 -රු. 1800 අතර මුදලකට අලෙවි කරන අතර

සහල් කිලෝ 10 ඇසුරුමක් රු. 3450 ක මුදලකට අලෙවි කෙරේ. කිලෝවක් හෝ කිලෝ දෙකක් වශයෙන් සිල්ලරට අලෙවි කිරීමේදී කිලෝවක් රු. 360 ක පමණ මුදලකට අලෙවි කරනු ලබයි.මෝල් හිමියන් විසින් සහල් ඇසුරුමේ පාලන මිලට අනුව මිල සදහන් කර තිබුණත් වෙළෙඳ සැල්වලට ලබා දීමේදී සහල් වැඩි මුදලට අලෙවි කරමින් තිඛෙන බවත්, මේ නිසා ජනතාවට සහල් අලෙවි කිරීමේදී වැඩි මිලට සහල් අලෙව් කිරීමට සිදුව තිබෙන බවත් ඇතැම් ව්‍යාපාරිකයෝ සදහන් කරති.



සාමාන්‍ය වෙළෙඳ පොළ තුළ කීරිසම්බා සහල් මිලදී ගැනීමට නොහැකි වුවත් ආහාර පාන අලෙවි කරන බොහෝ ස්ථානවල කීරි සම්බා සහල් සහිත ෆ්‍රයිඩ් රයිස් සහ ඛත් අලෙවි කරන අතර සහල් මිලට සාපේක්ෂව රයිස් එකක මිල හා බත් පාර්සලයක මිල ඉහළ දමා ඇත.මෝල් හිමියන් ව්සින් සාමාන්‍ය ආකාරයට වෙළෙඳ පළට කීරි සම්බා නිකුත් නොකර තෝරාගත් වෙළෙඳ සැල් වෙත පමණක් කීරිසම්බා තොග නිකුත් කරමින් පවතී. මේ අනුව ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රසිද්ධියේම වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කරන අතර ඇතැම් ස්ථානවල හිතවතුන්ට පමණක් කීරි සම්බා ලබා දීමට කටයුතු කෙරේ.
 ඉන්දික හේවාවිතාරණ