
අද (11) උදෑසන බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සේවය කළ පුද්ගලයෙක් සැකකටයුතු ලෙස ගෙල වැලලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
එම ලැගුම්හලේ සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් වන ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ ඔහු රැඳී සිටින කාමරයේදීය.
ලැගුම්හල බලාගත් කළමනාකරු ලෙස මොහු කටයුතු කර ඇති අතර
එම පුද්ගලයා තනිව එම ලැඟුම්හලේ සිට ඇති බවත් වාර්තා විය.
අද (11) උදෑසන 9ට පමණ අසල්වාසියෙකු ඔහු හමුවන්නට ආ අවස්ථාවක නවාතැන් කාමරයේ සිරුරක් එල්ලෙනු දැක මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු පුද්ගල මරණය සම්බන්ධ
විමර්ශන සිදුවිය.
පොලිසිය පැවසුවේ අවට පදිංචිකරුවෙකු දැක ලබාදුන් තොරතුරු අනුව පරීක්ෂා කිරීමේදී ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බව හඳුනාගත් බවයි.
මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval