modi-cat-story

 ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි තෙවැනි වතාවටත් දිවුරුම් දීම උත්සවයේ දී
එක් වරම පෙනී සිටි “අද්භූත සත්වයකු” සහිත වීඩියෝවක් ඊයේ (10) ලොව පුරා සමාජ මාධ්‍ය කරුවන්
ගේ විශේෂ අවධානයට යොමු විය.භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම් දීමෙන්
අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මුට ආචාර කරන අවස්ථාවේදී  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු
ඉන්දියාවේ අලුතින් තේරී පත් වූ ව්‍යවස්ථා සම්පාදකයන් විශාල සංඛ්‍යාවක් වාඩි වී සිටින ස්ථානයට
මඳක් ඉහළින් රතු කාපට් අතුරා ඇති පියගැට පෙළක් මත මෙම සත්වයා නවදිල්ලියේ අගනුවර හදවත බඳු
රාෂ්ඨපති භවන් නම් ඉතා ආරක්‍ෂිත මාලිගාව තුළ ගමන් කරනු දක්නට ලැබුණි.



සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව දුටු මාධ්‍ය පරිශීලකයන් බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙකු හෝ
දිවියකු ගේ ගේ මායාකාරී රූපයක් විය හැකි බවට මත පළ කළ අතර මෙම දිවි රූපය මායාකාරී දසුනක්
ලෙසට ඉන්දියානුවන් අනුමාන කිරීමට ප්‍රමාණවත් සාධක තිබේ.දිවියා යනු සියවස් ගණනාවක් පුරා
ඉන්දියානු ජනප්‍රවාදවල සහ මිථ්‍යා කථාවල කොටසකි.

ඉන්දීය ජන කථා සහ ජනප්‍රවාද බොහොමයක
ඔවුහු බලවත් හා අද්භූත ජීවීන් ලෙස පෙනී සිටිති. සමහර ප්‍රදේශවල දිවියන් දෙවිවරුන් හෝ මිථ්‍යා ජීවීන්
සමඟ සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ පෙනුම සම්බන්ධයෙන් ද පුරානෝක්ති ගොඩ නැඟී තිබේ. සිතුවම්, මූර්ති
සහ වෙනත් කලාත්මක ප්‍රකාශන ඇතුළු සාම්ප්‍රදායික ඉන්දියානු කලාවේ දිවි රූප නොයෙක් භාවිතයන්
සඳහා ගෙන තිබේ.මානව ජනාවාස වෙතට සංක්‍රමණය වීමට සාමාන්‍ය දිවියාට ඇති හැකියාව මිනිසුන්
සමඟ ඇති කර ගන්නා අන්තර් ක්‍රියා මත මෙම කල්පිතයන් ගොඩ නැඟී ඇත.අප ජන සංස්කෘතියේ එන
කුවේණිය උරුම කළ දිවි දෝෂය සහ වසූරිය හා දිවියන් අතර ඇති සම්බන්ධයට බෙහෙවින් අනුරූප පුරාණෝක්තීන්
ඉන්දියාවේ ද තිබේ.



විශේෂයෙන් දිවියන් විසින් මානව ජනාවාස ආක්‍රමණය කරන ප්‍රදේශවල. එවැනි
අන්තර්ක්‍රියා නිසා ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ දිවියන් කෙරෙහි ඇති බිය සහ ගෞරවය යන දෙකම ඇති වී
තිබේ. විවිධ පාරිසරික අභියෝග හමුවේ දිවියාගේ අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව
පැවැත්මේ සහ ශක්තියේ සංකේතයක් ලෙස සැලකේ.ඒ අනුව ඉහත අවස්ථාවේ දී රාශ්ඨපති භවන් තුළ
මායාකාරී දිවි රූපයක් මැවුණු බව සිතීමට ඉන්දියානුවන් පෙළඹීමේ කිසිදු අරුමයක් නැත.


ඒ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මත පළ
කළහ.එම සත්වයා දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මත පළවීමට ආරම්භ වීමත් සමඟ
ඉන්දීය ජනාධිපති මන්දිරය වන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය අත්භූත සත්වයා පිළිබඳ ප්‍රකාශයක්
නිකුත් කරමින් පවසා සිටියේ  එසේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මත පළවන සත්වයා
සැබවින්ම රශ්ට්‍රපති භවන්හි බළලකු බව ය.

ඒ කෙසේ හෝ භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට
පක්ෂපාතී බවට දිවුරුම් දීමෙන් පසු නීති සම්පාදකයෙකු ලිපි ලේඛනවලට අත්සන් කරන විට විට දර්ශනය වූ
මෙම සත්වයා මිලියන ගණනක අන්තර්ජාල පරිශීලකයන් උද්දීපනයට ලක් කර තිබීම විශේෂත්වයකි.
(තිලක් සේනාසිංහ)