
ගිනිකොණදිග අප්‍රිකානු රාජ්‍යයක් වන මලාවිහි උප ජනාධිපති සාලෝස් චිල්මා Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයක් Lilongwe හැර යාමෙන් පසු අතුරුදන් වී තිබේ. හිටපු කැබිනට් අමාත්‍යවරයකුගේ භූමදානයට සහභාගි වීමට යමින් සිටියදී මෙම යානය අතුරුදන් විය.
ජනාධිපති ලාසරස් චක්වේරා ප්‍රකාශ කළේ යානය සොයා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.මෙම අතුරුදන්වීම සැලවීමෙන් පසු ජනාදිපති චක්වේරා බහමාස් වෙත සිය ගුවන් ගමනක්ද අවලංගු කර අතුරුදන් වූ යානය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එය අතුරුදන් වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මලාවිහි තොරතුරු අමාත්‍ය මෝසෙස් කුන්කුයු සෝදිසි කිරීමේ උත්සාහයන් පවතින බව මාධ්‍ය වෙත විස්තර කළේය.
යුනිලීවර් සහ කොකා කෝලා හි හිටපු විධායක නිලධාරියෙකු වන චිලිමා මීට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් අයකුද වෙයි.
නමුත් පසුගිය මාසයේදී එම නඩු කටයුතුවලින් ඔහුව ඉවත් කරන ලදී.
වයස අවුරුදු 51 වන උප ජනපතිවරයා, විවාහකයෙකු වන අතර දරුවන් දෙදෙනෙකු සිටින්නෙකි.
දැනුම කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval