weather-alert

ශ්‍රී ලංකාව සහ ඒ  ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන පෙර මෝසම් කාලගුණීක තත්ත්වය හේතුවෙන්  දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය  දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.



එසේම බස්නාහිර,  සහ  වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉත්ම වූ වර්ෂාවක් ලැබිය හැකි බව අවවාදාත්මක නිවේදනයක් මගින් දක්වා ඇත.

එසේම සබරගමුව පළාත සහ ගාල්ල මාතර, මහනුවර, නුවරඑලිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සදහා මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇති අතර මෙම තත්වය ඉදිරි දින කීපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

ඊයේ(18) දින පෙරවරු 8.00 සිට අද (19) පෙරවරු 8.00 දක්වා වාර්තා වී ඇති වර්ෂාපතනය සළකා බලන  විට පුත්තලම (මිලි මීටර් 212.5) කැස්බෑව (මිලි මීටර් 204.5), රත්මලාන (මිලි මීටර් 144.1), කොළඹ (මිලි මීටර් 113.0) සහ අවිස්වාවේල්ල (මිලි මීටර් 107.0) වාර්තා වී ඇති බව කාගුණවිද්‍යා දෙපර්තමේන්තුව පෙන්වා දේ.

එසේම මුහුදු ප්‍ර දේශ රළුවීම සම්බන්ධයෙන් සළකාබලන විට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින(18) නිකුත් කළ නිවේදනය තවදුරටත් වලංගු වේ.



පවතින මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.