Criticism-of-the-monk-who-sings-the-DJ-song-Buddha-Hands-Up

මේ වනවිට අග්නිදිග ආසියානු කලාපයේ බුදු දහමට 'නූතන පන්නයේ' තර්ජනයක් එල්ලවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙයට හේතුව බෞද්ධ භික්ෂුවක් බව ඇතැමුන් කියන භික්ෂුවක් නොවන බව සමහරු කියන දකුණු කොරියානු පුද්ගලයෙකු පවත්වන ජනප්‍රියවී තිබෙන ප්‍රසංග කිහිපයක් හා ඒවායේදී බුදුදහම සම්බන්ධයෙන් මෙතෙක් සිදු නොවූ 'විනෝද අංග' එක්ව තිබීමය.
ප්‍රසිද්ධ දකුණු කොරියානු DJ කෙනෙක්,වන DJ NewJeansNim හෙවත් Yoon Seong Ho මෙම විවේචනයන්ට බඳුන්ව තිබේ. භික්ෂුවක් ලෙස සැරසී ගීත ගයන ඔහු පසුගිය මැයි 3 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ගැමූ ක්ලබ් හි පැවැත්වූ ප්‍රසංගයෙන් පසු දැඩි විවේචනයන්ට බඳුන්වූ අතර
 ඔහුගේ රැප් ගීතය වන 'බුද්ධා හෑන්ඩ්ස් අප්' වාදනය කරමින් සමාජ ශාලාව වියරුවට පත් කළේය.

ස්වාභාවිකවම, බෞද්ධ භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් ආකර්ෂණය ඇති කරගත් නමුත් වැඩි කල් යන්නට මත්තෙන්, ගතානුගතික ආගමික පුද්ගලයින් ඔහුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කළ නිසා මේ වනවිට ඔහුගේ ප්‍රසංග අවලංගු කරන්නට සිදුවන තැනට කරුණු සිදුවිය.
සිංගප්පූරුවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ ඔහුගේ ප්‍රසංග වලට මේ වනවිට විවේචන මතුව තිබේ.
මොහුව විවේචනය කරන ප්‍රධාන පෙළේ භික්ෂුවක වන්නේ Jue Cheng හිමියෝය. DJ NewJeansNim ගේ ක්‍රියාවන් විවේචනය කළ එම හිමියන් බැණ වැදුනේ එය බුදුදහමට නිගාවක් පමණක් නොව මැලේසියාවේ ආගමික සංවේදීතාව නොසලකා හැරීමක් බව පවසමිනි.
මැලේසියානු බෞද්ධ තරුණ සංගමය මෙම රංගනය බෞද්ධයන්ගේ ඇදහිල්ලට අගෞරවයක් සහ 'රිදවීමක්' ලෙසින් කරුණු දැක්වූ අතර මැයි 03 ප්‍රසංගයෙන් පසු ඉදිරියට පවත්වන්නට සූදානම් කළ ප්‍රසංග මේ නිසා අවලංගු කර දමා තිබේ.

විවේචකයින් මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව DJ ප්‍රසංග පැවැත්වීම තහනම් කර තිබුණි.

DJ ප්‍රථමයෙන් දකුණු කොරියාවේ විකට නළුවෙකු ලෙස ඔහුගේ ආරම්භය ලබා ගත්තේ පසුගිය වසරේ ඔහුගේ නර්තන-සංගීතය වෙනස් කිරීමට පෙරය. ඔහු K-pop කණ්ඩායමක් වන NewJeans සහ 'sunmin' වෙනුවෙන් පෙනී සිටි අතර පසුව බෞද්ධ භික්ෂූන් හෝ කන්‍යා සොහොයුරියන් සඳහා කොරියානු තරුණ පරපුර අතර ප්‍රකට විය.

ඔහුගේ ප්‍රසංගවලදී සාම්ප්‍රදායික බෞද්ධ ග්‍රන්ථ සමඟ Gen-Z ජීවන උපදෙස් සමඟ ඒකාබද්ධ කරන අදහස් පළවන බව කියැවේ. කෙසේ නමුත් ඔහුගේ රංගනයන් සෙන් බෞද්ධ සම්ප්‍රදායේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන් විසින් හොඳින් පිළිගෙන ඇති අතර, ඔවුන් ඔහු තරුණයන් සමඟ සම්බන්ධ වීමට මාර්ගයක් ලෙස සලකයි.

ඔහුගේ රංගනයන් දකුණු කොරියාවේ ප්‍රචලිත වී ඇති අතර, සාම්ප්‍රදායික බෞද්ධ විශ්වාසයන් සහ පිළිවෙත් සමඟ නොගැලපීම ගැන කථාබහ මුලින් මතුවූයේ මැලේසියාවේදී වීම විශේෂිතය.

එසේ තිබියදීත්, දකුණු කොරියාවේ විශාලතම බෞද්ධ නිකායේ ප්‍රධානියා නව අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔහුගේ සාම්ප්‍රදායික නොවන ප්‍රවේශය දිගටම කරගෙන යාමට NewJeansNim දිරිමත් කර ඇත.

සෝල් හි පැවති ජාත්‍යන්තර බෞද්ධ ප්‍රදර්ශනය ද AI බුදුන් සහ බුද්ධ හැඩැති චොකලට් සමඟ යාඥා කිරීම වැනි සිදුවීම් සමඟින් වඩාත් නවීන ප්‍රවේශයක් ලබාදී තිබුණි.
පසුගිය කාලයේ දකුණු කොරියාවේ පැවැත්වූ බොහොමයක් බෞද්ධ ආගමික උත්සව වලදී 'ඩීජේ මන්ක්' ලෙස හඳුන්වමින් මොහු කැඳවා ප්‍රසංගයක් පැවැත්වීම දිගටම සිදුකර තිබුණි.

දකුණු කොරියාවේ තරුණයන් බුදුදහමට දැන් වඩාත් ආකර්ශනීය වන්නේ NewJeansNim වැනි පුද්ගලයින්ට ස්තුති වන්නට බව ඇතැමුන්ගේ හැඟීමය.



“යෞවනයන් බුද්ධාගම පිළිබඳ ඔවුන්ගේ අදහස් වෙනස් කරන බව මට දැනෙන්නට පටන් ගෙන තිබේ,” DJ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

මැලේසියානු නීති සම්පාදකයින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටපත් කරන බවට චෝදනා කරමින් සංදර්ශන අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම්හු අප්‍රසාදය පළ කළහ. DJ තවමත් ඉදිරි මාසවලදී හොංකොං සහ තායිවානයේ ප්‍රසංග පැවැත්වීමට නියමිතය. මෙම මතභේදය නූතන විනෝදාස්වාදය සහ සාම්ප්‍රදායික ආගමික වටිනාකම් අතර ගැටුම ඉස්මතු කරයි.