uragasmanhandiya-incident

ඌර­ග­ස්මං­හ­න්දිය පොලිස් වසමේ රන්තො­ටු­විල ප්‍රදේ­ශයේ තරු­ණ­ය­කුට හිසට මන්නා පිහි­ය­කින් සහ කැත්ත­කින් පහර දීම හේතු­වෙන් බර­ප­තළ තුවාල ලබා ඊයේ (30) උදෑ­සන ඌර­ග­ස්මං­හ­න්දිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇතැයි ඌර­ග­ස්මං­හ­න්දිය පොලි­සිය පැවැ­සීය.

මෙසේ මිය­ගොස් ඇත්තේ රන්තො­ටු­විල පදිංචි ප්‍රියං­ක­රගේ නාරද ජය­සිංහ නමැති 37 හැවි­රිදි අවි­වා­හක පුද්ග­ල­යෙකි. මිය­ගිය අය රන්තො­ටු­විල,

ගුරු­හේ­න්ගොඩ ප්‍රදේ­ශයේ කාන්තා­වක සමඟ අනි­යම් සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් ඇතැයි ද ඊයේ (30) අලු­යම් කාලයේ මිය­ගිය අය එම කාන්තා­වගේ නිවෙ­සට ගිය අව­ස්ථා­වේ‍ ­මෙම පහ­ර­කෑ­මට ලක්ව ඇතැයි ද පොලි­සිය සඳ­හන් කළේය. කර­ණ­වෑ­මි­යකු වන සැක­කරු ඊයේ (30) අලු­යම 3.50ට පමණ තම නිවෙ­සට පැමි­ණෙන විට, ඔහුගේ 24 හැවි­රිදි බිරිය සමග අනි­යම් ප්‍රේම සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන යන මර­ණ­කරු තම නිවෙසේ සිට ඇති බවත්, එවිට සැක­කරු මන්නා පිහි­ය­කින් මර­ණ­ක­රුගේ හිසට පහර දී ඇති බවත් පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදි හෙළිව තිබේ. සිද්ධිය වූ අව­ස්ථාවේ අනි­යම් සබ­ඳ­තා­වක් පැවැත්වූ කාන්තා­වගේ සැමියා,

ඔහුගේ පියා හා සහෝ­ද­ර­යකු පැමිණ ඌර­ග­ස්මං­හ­න්දිය, 95 බී, ගුරු­හේ­න්ගොඩ, රන්තො­ටු­විල පිහිටි කාන්තාව හා මර­ණ­කරු රැඳී සිටි නිවෙස වට කර ඇති බවත්, එම අව­ස්ථාවේ මර­ණ­කරු නිවෙ­සින් පැන යෑමට උත්සාහ කිරී­මේදී ඔහුගේ හිසට පහර දීමෙන් මෙසේ බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කිරී­මෙන් පසු මිය­ගොස් ඇති බවත් අනා­ව­ර­ණය වී ඇත. පහර දුන් ආයුධ ලෙස සැල­කෙන මන්නා පිහි­යක්, කැත්තක් සමඟ සැක­ක­රු­වන් තිදෙ­නකු පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඌර­ග­ස්මං­හ­න්දිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පී.එල්. කීර්ති­සිංහ, අප­රාධ විම­ර්ශන ස්ථානා­ධි­පති උ.පො.ප. පර්සි වීර­සිංහ, උ.පො.ප. රංජිත් සිල්වා යන මහ­ත්වරු සිද්ධිය පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

මර­ණය පිළි­බ­ඳව මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය ඊයේ (30) ඇල්පි­ටිය මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණ.