panagoda-incident

විහා­ර­ස්ථා­න­වල සවි­කර තිබෙන දොළො­ස්මහේ පහන් සොරා ගන්නා පුද්ග­ල­යකු එලෙස සොරා­ගත් පිත්තල පහන් හත­රක් සම­ඟින් අත්අ­ඩං­ගු­වට ගත් බව අතු­රු­ගි­රිය පොලි­සිය පව­සයි. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ රන්න, වාඩි­ගල වලව් මහ­ත්තයා පාර ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන 34 හැවි­රිදි කම්ක­රු­වෙකි.



මෙම සැක­කරු රාත්‍රී කාල­යේදී මෙලෙස විහා­ර­ස්ථා­න­වල තිබෙන දොළො­ස්මහේ පහන් ගල­වා­ගෙන ගොස් ඇති බවට අනා­ව­ර­ණය වී ඇත. පනා­ගොඩ ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක දොළො­ස්මහේ පහ­නක් සොරා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අදාළ විහා­ර­ස්ථා­නය ආස­න්නයේ සවි­කර තිබූ ආර­ක්ෂිත කැමරා පරීක්ෂා කිරී­මේදී සැක­කරු පිළි­බ­ඳව තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බවද පොලි­සිය සඳ­හන් කරයි.

මෙම සැක­කරු විසින් හෝමා­ගම - පනා­ගොඩ, කොට්ටාව - රුක්මලේ, හෝමා­ගම - මාකු­ඹුර සහ පිළි­ය­න්දල - පිංකෙත ප්‍රදේ­ශ­වල විහා­ර­ස්ථා­න­වල සවි­කර තිබූ දොළො­ස්මහේ පහන් සොරා­ගෙන ගොස් විකුණූ බවට අනා­ව­ර­ණය වූ බවත්, එලෙස විකුණා තිබූ පිත්තල පහන් සොයා ගැනී­මට කට­යුතු කළ බවත් පොලි­සිය කියයි.

සොරා­ගත් පිත්තල පහ­න්වල වටි­නා­කම රුපි­යල් ලක්ෂ හත­ර­කට ආසන්න වී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

අතු­රු­ගි­රිය පොලි­සියේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සාරධ ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති, පොලිස් පරී­ක්ෂක අසංක ප්‍රේම­ලාල්, පොලිස් සැර­ය­න්ව­රුන් වන (36709) සුකු­මා­රන්, (38307) ජය­සු­න්දර, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (84898) හර්ෂ, (928) සුසන්ත යන නිල­ධා­රීන් විසින් පරී­ක්ෂණ පව­ත්වනු ලැබීය.
(මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි)