
ඊයේ (30) රාත්‍රී සිදුවූ ඉන්ධන ගාස්තු සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීමට බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
මේ දක්වා සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 27 ක් පාඩු පිට බස් රථ ධාවනය කළ නිසා මෙම අඩු කිරීමෙන් වාසියක් නැතැයිද රුපියල් 30 ට ඉන්ධන අඩු කිරීම නිසා තමන්ට ලැබුනේ රුපියල් 3 ක ඉතිරියක් වුණත් පසුගිය පාඩු සැලකීම නිසා ජනතාවට සහනයක් දිය නොහැති බව ඔහු කීය.
කෙසේ වෙතත් ඉන්ධන මිල අනුව බස්ගාස්තු සංශෝධනයක් ලබන ජුලි මාසයේ සලකා බැලිය හැකි බවද ඔහු කීය.