
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්
“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වු බවට වාර්තා වෙයි.
පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval