
14 හැවිරිදි දෑරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම සැකකරු වින්දිත පාසල් දැරිය සමඟ මාසයක පමණ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව ඔහු ඇය නාඋල ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවෙසට රැගෙන ගොස් එහි දී මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
මෙම දැරිය සිය පියා භාරයේ වාසය කර ඇති අතර, මව රැකියාවක් කිරීම සඳහා විදෙස්ගත වී ඇත. තම දියණිය පුද්ගලයකු සමඟ පැනයාම සම්බන්ධයෙන් පියා පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි. පසුව පියා සිය දියණිය ගෙන්වාගෙන පොලිසියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 11 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් සව්රුද් ජිහාන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස නිලධාරින්ට භාර දීමට පොලිසිය විසින් පියවර ගන්නා ලදි.
ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval