polpithigama-incident

රාත්‍රි කාලයේ දින­පතා කැළෑ­වට වැසි­කිළි යාමට කියා නි‍ව­සින් බැහැ­රව යන විවා­හක බිරිය කෙරෙහි ඇති­කර ගත් සැකය ඔස්සේ විම­ර්ශ­න­යක යෙදුණු සැමි­යාට අනි­යම් පෙමෙක තොර­තුරු හෙළි වීමෙන් කෝප­යට පත් සැමියා බිරි­යගේ හිසට හා අත් දෙක­ටම මන්න­ය­කින් කෙටීම හේතු­වෙන් බර­ප­තළ තත්ත්වයේ පසු වූ ඇය

පෙරේදා (12) රාත්‍රි­යේදී පොල්පි­ති­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කොට වැඩි­දුර ප්‍රති­කාර සඳහා කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට මාරු­කර යවා තිබේ.



මෙලෙස රෝහ­ල්ගත කර ඇත්තේ පොල්පි­ති­ගම, තලා­කො­ළ­වැව, ඇරෑ­පො­ළ­යාය ලිපි­නයේ පදිංචි අවු­රුදු 32ක් වය­සැති විවා­හක දෙදරු මවකි. ඇයට අවු­රුදු දහ­යක හා අවු­රුදු දෙකක දිය­ණි­යන් දෙදෙ­නෙකු සිටින බවද පොල්පි­ති­ගම පොලි­සිය පව­සයි. නි‍ෙවසේ සිට කැළෑ­වට වැසි­කිළි ගියත් වැසි­කිළි කරපු ස්ථාන­යක් පෙන්ව­න්නට කියා සැමියා ඉල්ලීම් කර ඇතත් එවැනි ස්ථාන­යක් පෙන්වී­මට පවා ඇය අපො­හො­ස­ත්වීම හේතු­වෙන් සැක­යෙන් පසු වූ සැමි­යාට පෙරේදා (12) රාත්‍රි­යේ­දීත් ඇය එලෙස කැළෑ­වට යාමේදී අනි­යම් සම්බ­න්ධ­තා­ව­යක තොර­තුරු හෙළි­වී­මෙන් ඇති වූ ආර­වු­ලක් දුර දිග යාමෙන් සැමියා බිරි­යගේ හිසෙහි දෙපො­ළ­කට හා මැණික් කටුව සීමා­වෙන් බර­ප­තළ ලෙසට කැපෙ­න්නට අත් දෙක­ටම මන්න­ය­කින් කොටා ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

තුවාල ලබා සිටි කාන්තාව පොල්පි­ති­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කොට වැඩි­දුර ප්‍රති­කාර සඳහා කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට මාරු­කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පව­සයි. අවු­රුදු 47ක් වය­සැති විවා­හක සැමියා සැක­පිට පොල්පි­ති­ගම පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහු මහව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. සිද්ධිය පිළි­බ­ඳව පොල්පි­ති­ගම පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම