kalpitiya-incident

කල්පි­ටිය තිහ­ලිය ප්‍රදේ­ශයේ නිධා­න­ය­කින් ගොඩ­ගත් රත්‍ර­න්ව­ලට සමාන දේව ආභ­රණ තොග­යක් සමඟ සැක­ක­රු­වෙක් පෙරේදා (12) පුත්ත­ලම කොඨ­ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාංශ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මෙම රත්‍ර­න්ව­ලට සමාන දේව ආභ­රණ තොගය කල්පි­ටිය ආලං­කු­ඩාව ප්‍රදේ­ශයේ සඟවා තිබි­යදී සොයා ගැනී­මට කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාංශ නිල­ධා­රීන් සමත්ව තිබුණි.



අත්අ­ඩං­ගු­වට ගැනුණ ආලං­කු­ඩාව ප්‍රදේ­ශයේ සැක­ක­රු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී පාපො­ච්චා­ර­ණය කර ඇත්තේ මෙම දේව ආභ­රණ තම මිය­ගිය මව විසින් ඇයට අයත් තිහ­ලිය ප්‍රදේ­ශයේ ඇති බවත් අදාළ ස්ථානය කැණීම් කර එම දේ ලබා­ගැ­නීම කර ගැනී­මට සිහි­න­යෙන් පවසා ඇති බවයි. තම මව සිහි­න­යෙන් පැවසූ දෙය සත්‍යක් ද යන්න සොයා බැලී­මට අදාළ ඉඩමේ මව සිහි­නෙන් පැවසූ ස්ථානය අඩි හත­රක් පමණ කැණීම් කිරී­මෙන් පසු හමුවූ බවත් එම දෑ නිවසේ තබා තිබූ බවද මෙම සැක­කරු පාපො­ච්චා­ර­ණය කර තිබේ.

අදාළ දෑ අතර කුඩා කඩු­වක්, දේව රූප සමඟ ඉබ්බ­කුට සමාන දෑ තිබූ බවත් පව­සයි. අදාළ දෑ රත්‍ර­න්ව­ලට සමාන බවත් ඒවා සැබ­වින්ම රත්‍රන් දැයි සොයා බැලී­මට කට­යුතු කරන බවත් පුත්ත­ලම කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාංශ නිල­ධා­රීහු පව­සති.

අදාළ වැට­ලීම කල්පි­ටිය විජය නාවික හමුදා කඳ­වුරේ බුද්ධි නිල­ධා­රීන් විසින් ලබා දුන් බුද්ධි තොර­තුක් මත පොලි­සිය සමඟ ඒකා­බ­ද්ධව කර ඇත.
හිරාන් ප්‍රියං­කර ජය­සිංහ