
මහරගම පන්නිපිටිය AN FRESH CHOICE එළවළු වෙළෙඳ සැල් ජාලය තෙවන වරට සංවිධානය කළ " එළවළු දන්සල " පෙරේදා (08දා) පැවැත්වුණි.මේ සඳහා විසි දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටි අතර සවස 04 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දන්සලට පැවත්වුණි. ඒ සඳහා සහභාගි වූ ජනතාව පෙරවරු 11 පමණ සිට පන්නිපිටියේ සිට මහරගම දෙසට කිලෝ මීටර් දෙකක් පමණ දුරකට පෝලිමේ රැඳී සිටිනු දක්නට ලැබුණි. එක් පුද්ගලයකු සඳහා එළවළු වර්ග 15ක් පමණ ලබා දී තිබූ අතර එක් අයකුගේ එළවළු බෑගයක දළ වටිනාකම රුපියල් දෙදහසකට අධික විය. මෙම සත්කාර්ය පිළිබදව අදහස් දැක්වූ A N එළවළු වෙළෙඳසැල් ජාලයේ හිමිකරු ආනන්ද විජේරත්න මහතා මෙසේ පැවසීය.
" මා සතුව එළවළු වෙළෙඳ සැල් කිහිපයක් තිබෙනවා.
එහි සේවකයන් විශාල පිරිසක් සේවය කරනවා. අපි තුන්සිය හැටපස් දවසෙම කරන්නේ පාරිභෝගිකයන්ට එළවළු විකුණන එක. ඒ නිසා මට හිතුණා මගෙන් එළවළු ගන්න පාරිභෝගික ජනතාවට තුන්සිය හැටපස් දවසෙන් එක දවසක් හෝ නොමිලේ එළවළු ටිකක් දෙන්න. ඒ අනුව තමයි මේ සත්කාරය ක්‍රියාවට නැංවූයේ.
මීට පෙර 2020 වසරේ දී හෝමාගම ප්‍රදේශයේදීත් 2022 වසරේදී කොට්ටාව ප්‍රදේශයේදීත් මෙලෙසම එළවළු දන්සැල් දෙකක් මීට පෙර කළා. 2022 අපි දන්සල පැවැත්වුවේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්. මෙවර කරන්නේ තුන්වැනි වරට"
