Dancer-who-brought-kush-worth-five-crore-rupees-caught-at-airport

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත 'කුෂ්' නමැති මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකුද සමග පෙරේදා (08දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියෙකු වන අතර, ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සඟවාගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ. කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 278ක් බරැති මෙම 'කුෂ්' ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36ක් තුළ අසුරා, ඒවා ඔහු සිය ගමන් මල්ලේ සඟවාගෙන තිබුණි.මෙම නර්තන ශිල්පියා මෙම ගංජා තොගය රැගෙන පෙරේදා (08දා) රාත්‍රී 10.40ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්. ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මොහු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාර්න් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමුකර තිබේ.
 ටී.කේ.ජී.කපිල