ol-paper-leak

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය whatsapp ඔස්සේ සංසරණය කර ඇති බවයි.



විභාග අපේක්ෂකයින් වංචා සහගතව පිළිතුරු ලිවීම සඳහා එලෙස whatsapp මගින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංසරණය කර ඇති බව ඔහු පැවසුවේය.

විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ඉන් ඉංග්‍රීසි භාෂාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි.