nawalapitiya-incident
නාව­ල­පි­ටිය මොන්ට­ක්‍රිස්ටො ප්‍රදේ­ශයේ පැවති ක්‍රිකට් තර­ඟ­ය­කින් අන­තු­රුව සිදුවූ බහි­න්බ­ස්වී­මක් සමඟ 14 හැවි­රිදි පාසල් සිසු­වකු 13 හැවි­රිදි පාසල් සිසු­ව­කුගේ හිසට ක්‍රිකට් පිත්ත­කින් පහර දී ඔහු මරා දමා ඇතැයි නාව­ල­පි­ටිය පොලි­සිය පව­සයි.



මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ එම ප්‍රදේ­ශයේ පදිංචි ස්ටෑන්ලි ස්ටෙපික් නමැති නාව­ල­පි­ටිය කදි­රේ­ෂන් විදු­හලේ සිසු­වකි.

පසු­ගිය 23 දින මොන්ට­ක්‍රිස්ටෝ ප්‍රදේ­ශයේ ක්‍රීඩා පිටි­ය­කදී මෙම සිසුන් ක්‍රිකට් ගසා තිබුණි.



සවස හත­රයි දහ­යට පමණ සුළු වර්ෂා­වක් පැව­තීම නිසා මොවුන් ක්‍රිකට් ගැසීම නවතා නිවෙස් වලට යමින් සිට තිබේ.

ඒ අත­ර­තුරේ එක් පාසල් සිසු­වකු මෙම ස්ටැන්ලි සිසු­වාගේ ක්‍රිකට් පිත්ත වතුර පිරුණු ස්ථාන­යක ඔබා තිබේ.

ඒ සමග මෙම ස්ටැන්ලි සිසුවා එම සිසු­වාට බැන වැදී ඇති බව පොලි­සිය පව­සයි.

මින් කිපුණු අනෙක් සිසුවා ඔහුගේ ක්‍රිකට් පිත්තෙන් ස්ටැන්ලි සිසු­වාගේ හිසට පහර දී තිබේ.

මෙයින් බර­ප­තල තුවාල වූ සිසුවා නාව­ල­පි­ටිය රෝහ­ල­ටත් ඉන් අන­තු­රුව මහ­නු­වර මහ රෝහ­ල­ටත් ඇතු­ළත් කර ඇති අතර එහිදී ප්‍රති­කාර ලබ­මින් සිටි සිසුවා ඊයේ දින මිය ගොස් තිබේ.



පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත් වූ මහ­නු­වර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී සී. එස්. චන්ද්‍ර­දාස මහතා හිසට සිදුවූ බර­ප­තල හානි නිසා මෙම මර­ණය සිදුව ඇති බව සඳ­හන් කර තිබුණි.

(ගම්පොළ - සුරංග දිල්හාන්)