nikaweratiya-incident

නිකවැරටිය  කන්දේගෙදර  ,රක්ෂිතය ආසන්නයේ පිහිටි කැලෑ සහිත  ඉඩමක  තිබී  පිරිමි පුද්ගලයෙකු  ගේ මළ සිරුරක්  හමුවූ බව නිකවැරටිය  මූලස්ථාන පොලීසිය පවසයි .

මෙසේ මිය ගොස් සිටියේ නිකවැරටිය  , හුලුගල්ල  ලිපිනයේ  පදිංචි  ඩබ් .එම්.රුවන් චතුරික (45 ) නැමති ශ්‍රී ලංගම රියදුරෙකු වන දෙදරු පියෙකු බවට  හඳුනා ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි .

මරණ කරුගේ බිරිඳ  විදෙස් ගතව   ,දරුවන්ද පිට පලාතක අධ්‍යාපනය ලබමින් සිටින අතර ,මොහු  තනිව ජීවත්ව  ඇති බවද ,  වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .



නිකවැරටිය කොට්ඨාශ හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා  සිද්ධිය වූ ස්ථානයට ගොස්  ස්ථාන පරීක්ෂාවක් සිදු කර ,හදිසි මරණ පරීක්ෂණය සඳහා සිරුර නිකවැරටිය මූලික රෝහල  වෙත. රැගෙන යන ලෙස  පොලීසියට නියෝග  කලේය.

ඒ අනුව සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී   ,හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ  අද(19දා) සිදු කිරීමට නියමිතව  ඇති අතර  නිකවැරටිය මූලස්ථාන පොලීසියේ පො.සැ.අසංක නිලධාරීයා  විසින්   සාක්ෂි මෙහෙය වීමට  නියමිතව තිබුණි .

නිකවැරටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව  ,සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්  මමූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතගේ⁣ මෙහෙයවීමෙන් නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කෙරේ.

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා