Fake-news-about-Aishwarya-Rais-second-child-birth

ඉන්දියානු නිළියක සහ හිටපු ලෝක රූ රැජිනක වන අයිශ්වර්යා රායිට දෙවැනි දරු උපතක් සම්බන්ධයෙන් විවිධ ආරංචි පැතිර ඇති අතර ඇතැම් යූටියුබ් නාලිකා දෙවැනි වරටත් ඇය ගැහැණු දරුවෙකු බිහි කළාය යනුවෙන් ආරංචි පතුරා තිබේ.
1973 නොවැම්බර් මස උපන් ‍අයිශ්වර්යාට  මේ වනවිට වයස 50 ක් වන අතර ඇය 2011 නොවැම්බර් 16 වැනි දින ඇයට වයස අවුරුදු 38 දී  ඇගේ දියණිය ආරාධ්‍යා මෙලොවට බිහි කළාය.
ඇය නැවත ගැබ් ගත්තේ නැත. එය ගොතන ලද හෝ වැරදි ලෙස අර්ථකථනය කළ කතාවක් ලෙස ඉන්දියානු අනතර්ජාල සත්‍ය ගවේෂක කණ්ඩායම් වාර්තා කර තිබේ.
මෙම කටකතාවට පදනම්ව ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පැතිරගිය ඇයත් සැමියාත් සිටින පින්තූරයකින් බව කියැවේ.

අභිෂේක් සහ අයිශ්වර්යා ගෝවා වෙරළ තීරයේ ඇවිද ගිය අවස්ථාවක ලබාගත්තක්වූ මෙම ඡායාරූපයේ ඓශ්වර්යාගේ උදරය තරමක් “මහත” ලෙස පෙනුණු බවත් රසිකයන්ට හැඟුණේ ඇයගේ ගැබ්ගෙන ඇති බවත් කියැවේ. ඒ සම්බන්ධ කොමෙන්ටු පළවූ නමුත් අයිශ්වර්යා හෝ අභිෂේක් මේවාට උත්තර බැඳ තිබුනේ නැත.
පසුව මේ සියලු කටකතාවලට තිත තැබීමට ඇයගේ නිල ප්‍රකාශිකාව ඉදිරිපත් ව තිබුනේ 'බොලිවුඩ් ලයිෆ්' සඟරාවේ ලිපියකදීය. එයට අනුව, ප්‍රකාශිකාව සඳහන් කරේ ගැබ්ගැනීමේ කතා ප්‍රතික්ෂේප කරන බවත් එය නරක කැමරා කෝණයක් නිසා හටගත් වැරදි උපකල්පණ පමණක් බවත් ඊට වඩා දෙයක් නොමැති බවත් ය.

මේ දිනවල අයිශ්වර්යා ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලටද එක්ව සිටින්නීය.