mawathagama-incident

මාවතගම පුද්ගලික පන්ති පවත්වන ආයතනයකදී මෝස්තර නිරූපණ ශිල්පි පාඨමාලාවක සහභාගිවී සිටි තරුණියක අපයෝජනය කළැයි කියන ගුරුවරයෙකු පෙරේදා (13දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය පවසයි.යම් පුද්ගලයෙකු තරුණියක සමග උඩුමහලේ පංති පවත්වන ශාලාවේ සිටින බව අසල්වාසින් දැක ඇති අතර, සැක කටයුතු අන්දමින් විදුලි පහන්ද නිවා ශාලාවේ

සිටි අය පිළිබදව නිරීක්ෂණය කිරීමේදී

ඒ අවස්ථාවේ පන්තියට සහභාගිවී සිටි තරුණියක නිරුවත් වී සිටිනු දැක ඒ පිළිබදව මාවතගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් ගුරුවරයා සහ තරුණිය අත්අඩංගුවට ගත් අතර ඒ වනවිටත් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, පන්තියට සහභාගී වූ අනෙක් පිරිස මත්පැන් පානය කර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ගුරුවරයා සමග සිටි තරුණිය මත්පැන් පානයෙන් සිහි විකල් වී සිටි බවත් ඒ අවස්ථාවේම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඊයේ (14දා) උදෑසන වනවිටත් පියවි සිහිය නොලැබී සිටි බවත් අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.