අඟහරුවාදාට සාපේක්ෂව අද (මැයි 15 බදාදා) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.


සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296 සිට රු. 297 දක්වා සහ රු. 305 සිට රු. 306 දක්වා පිළිවෙලින් වැඩිවී ඇත.


කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.73 සිට රු. 295.21 ක් දක්වාද විකුණුම් අනුපාතය ද රු. 303 සිට රු. 305. 50 දක්වාද වෙනස්වී ඇත.

NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294 සිට රු. 295 ක් දක්වාද විකුණුම් මිල රුපියල් 305 සිට රු. 306 දක්වාද වෙනස් විය.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 296.16 සහ රු. 306.18 ලෙස අද දැක්වුණි.
සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 294 සහ රු. 303.50 කි.