
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පින්කමක් සදහා අටපිරිකර 150ක ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලා විසින් ද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කෙරිණ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ උපදෙස්පරිදි,මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්. බී.රත්නායක මහතාගේ නියෝග පරිදි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිළධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී. එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් යන නිලධාරීන් හා කතරගම පොලිසියේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවන් ජයසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval