kollupitiya-police-incident

කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශ­යේදී රුපි­යල් කෝටි­යක අල්ලස් මුද­ලක් ලබා ගැනීමේ සිද්ධි­යට අදා­ළව පොලිස් සැර­ය­න්ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කියයි.



මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පොලිස් වංචා විම­ර්ශන කාර්යාං­ශ­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි සැර­ය­න්ව­ර­යෙකි.

සැක­කරු කුරු­ණෑ­ගල ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලි­සිය කියයි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ලෙස පෙනී සිටි­මින් රුපි­යල් කෝටි­යක අල්ලස් ලෙස ලබා ගත් කාන්තා­වක් ඇතුළු පුද්ග­ල­යන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

එම සැක­ක­රු­වන් විසින් කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශයේ පිහිටි නි‍වස පරීක්ෂා කර පැමි­ණි­ලි­ක­රුට අයත් රුපි­යල් එක්කෝටි විසි ලක්ෂ­යක් සහ ඩොලර් 3500ක මුද­ලක් සැක­ක­රු­වන් විසින් රැගෙන ගොස් තිබිණි.



එලෙස රැගෙන ගොස් තිබුණේ එම පැමි­ණි­ලි­ක­රුට විරු­ද්ධව විම­ර්ශ­න­යක් පව­තින බව කිය­මින් බව පොලි­සිය කියයි. පසුව පැමිණ සැක­ක­රු­වන් එම නිවසේ සේවය කර­මින් සිටි ඉන්දි­යානු ජාති­ක­යාගේ විදේශ ගමන් බල­ප­ත්‍රය ද රැගෙන ගොස් තිබිණි.

අන­තු­රුව පැමි­ණි­ලි­ක­රුට දුර­ක­ත­න­යෙන් ඇම­තු­මක් ලබාදී ඔහුට විරු­ද්ධව විම­ර්ශ­න­යට උදව් කිරී­මට සහ රැගෙන යන ලද විදේශ ගමන් බල­ප­ත්‍රය නැවත ලබා­දී­මට රුපි­යල් කෝටි හත­රක මුද­ලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුද­ලින් රුපි­යල් කෝටි­යක අල්ලස් ලෙස ලබා­ගෙන තිබිණි.



ඒ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය ඇතුළු සිව්දෙ­නා­ගෙන් සිදු­කළ දීර්ඝ ප්‍රශ්න කිරී­මේදී සැර­ය­න්ව­රයා සම්බ­න්ධ­යෙන් අනා­ව­ර­ණය වූ තොර­තුරු අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

තවද සැක­ක­රු­වන් විසින් රැගෙන ගිය රුපි­යල් එක්කෝටි විසි ලක්ෂ­යක මුද­ලින් රුපි­යල් ලක්ෂ දාස­යක මුද­ලක් ද පොලි­සිය විසින් සොයා ගැනී­මට සමත් වී ඇත.

වංචා විම­ර්ශන කාර්යාං­ශ­යට අනු­යුක්ත තවත් පොලිස් නිල­ධා­රීන් කිහි­ප­දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මි­තය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ