aragala-bus-nittambuwa

පසු­ගිය 2022 වසරේ ජූලි මස 9 වැනිදා අර­ග­ලය පැවැති අව­ස්ථාවේ නිට්ට­ඹුව කොළඹ මගී බස් රථ­යක් ගිනි තැබූ බවට සැක­පිට අල්ලා පසුව ඇප මත මුදා­හැර ඇති සැක­ක­රු­වකු එම නඩු­වෙන් මුදා­හ­රින ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ (02) නියෝග කළේය.



සැක­ක­රුට එරෙ­හිව තාක්ෂ­ණික සාක්ෂි හෝ ඇසින් දුටු සාක්ෂි කිසි­වක් ඉදි­රි­පත් නොකි­රීම මත මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය සිදු කළේය. සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා සැක­කරු මුදා­හ­රින ලෙස ඉල්ලා සිටි අව­ස්ථාවේ සැක­කරු සම්බ­න්ධ­යෙන් පව­තින සාක්ෂි මොන­වාද යන්න මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කළ කොළඹ අප­රාධ කොට්ඨා­ස­යෙන් විමසා සිටි­යේය. එහිදී ඔවුන් පවසා සිටියේ මේ සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යාගේ මතය විමසා ඇති බවය. ඒ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල ගොනු කිරීම අවශ්‍ය නැති බව සඳ­හන් කළ අතර සාක්ෂි නැතිව සැක­ක­රු­වන් රඳවා ගැනී­මට නොහැකි බවත් නඩුව පව­ත්වා­ගෙන යාමේ ප්‍රති­ඵ­ල­යක් නොමැති බවත් කිය­මින් සැක­කරු සිද්ධි­යෙන් මුදා­හ­රින ලෙස නියෝග කළේය.



අර­ග­ලය පැවති දින අර­ග­ල­යට ජන­තාව රැගෙන පැමිණි නිට්ට­ඹුව කොළඹ බස් රථ­යක් කොළඹ කොල්ලු­පි­ටිය පෙර­හැර රථ ගාලේ නවතා තිබි­යදී එම බස් රථය ගිනි තැබූ බවට කොල්ලු­පි­ටිය පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබිණි.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ කොල්ලු­පි­ටිය පදිංචි පී. මොහො­මඩ් අස්ලම් නමැති පුද්ග­ල­යෙකි.


සුභා­ෂිණී සේනා­නා­යක